සැබෑ ජීවිතයේ මම බොහොම නිහඩ චරිතයක් - මධුෂානි පෙරේරා

 සැබෑ ජීවිතයේ මම බොහොම නිහඩ චරිතයක් - මධුෂානි පෙරේරා



කුකුළ මුදලාලිගෙ දුව කිව්වහම තමයි මධුෂානි පෙරේරව බොහෝ දෙනෙක් හදුනන්නේ. ඇය කියන හැටියට නම් ඇයව දැන් කුකුළ ෆැමිලි එකට සින්න වෙලා වගේලු. මේ නිසාම ලැබෙන ප්‍රතිචාර ගැන දැනගන්න අපි මදූෂානිට කතා කළා. 


මේ දවස්වල නම් ගොඩක් ඉහළ ප්‍රතිචාර ලැබෙනව. පාරට බැහැල යන්නෙත් අමාරුවෙන්. වයස් භේදයක් නැතිව හැමදෙනා අතරෙම ජානුගේ චරිතය කතා බහ වෙනව. 


සමහරුනම් බනිනව. කේන්නති යන්නෙ මගෙ කෑගැහිල්ලටලු. යාළුවො එක්ක සෙට් වෙලා ඉද්දි නම් කුකුළු බබා කියනව. කුකුළු කෑල්ල කියනව. මුල් දවස් වල නම් එහෙම කියනකොට පොඩි අපහසුතාවයක් දැනුන. කේන්තියකුත් ආවා. දැන්නම් ගානක් නැහැ. ඒ දේවල් වලට පුරුදු වෙලා. 



රාවණා ටෙලි නාට්‍යයේ රඟපෑම නිසා තමයි මේ අවස්තාව ලැබුණේ. රාවණා නාට්‍යයේ චරිතය රගපානව දැකල තමයි නාඩගම්කරයෝ එකේ ස්ක්‍රීන් ටෙස්ට් එකට එන්න කිව්වෙ. රූපගත් කිරීම් පටන් ගන්න දවස් දෙකකට කලින් තම්‍යි මට මේ අවස්තාව ලැබෙන්නේ. මුලින්ම ලැබුනේ ගැමි චරිතයක්. ඊට පස්සේ කිව්වා තවත් චරිතයක් තියෙනව කරල බලමුද කියල. මමත් මුලදි අදිමදි කරල තමයි භාර ගත්තේ. දැන්නම් ප්‍රශ්නයක් නෑ. චරිතය ලැබුන කියල දැන්නම් හිතෙනව. 


සැබෑ ජීවිතයේ මම ඉන්න විදිහ කිසිම කෙනෙක් විශ්වාස කරන එකක්වත් නෑ. හිමීට කතා කරන්නේ. මගේ පාඩුවේ ඉන්නේ. යාළු මිත්‍රයෝත් අඩුයි. බොහොම නිහඩ නිස්කලංක චරිතයක්. ඊට හාත්පසින්ම වෙනස් චරිතය්ක් තමයි රගපාන්නෙ. ඉගෙන ගත්තේ කොට්ටාව ධර්මපාල මහා විද්‍යාලයේ. ගමත් කොට්ටාවෙම තමයි. ඉස්කෝලෙ සමිතියක සිංදුවක් කියන්න තිබ්බත් මම මාරු වෙලා යනව. ඒ තරමටම කලාව ගැන අකමැත්තක් තිබුනේ. මගේ සිහිනය වුනේ ගුවන් සේවිකාවක් වෙන්න. කිහිපවතාවක් උත්සහ කලත් සාර්ථක වුනේ නැහැ. අවසානයේ කලාවටම තල්ලු වුනා. 



මගේ යාළුවෙක් මගෙ පොටෝ එකක් රාවණා නාට්‍යයට දාල තිබුණ. ස්ක්‍රීන් ටෙස්ට් එකට ගියෙත් හරිම අකමැත්තෙන්. යාළුව නිසා තමයි ගියෙ. හැබැයි එතනදි මාව තෝර ගත්ත. ගෙදරනුත් අකමත්තක් නොතිබුනු නිසා මේ ක්‍රේෂ්ත්‍රය හොදයි කියල හිතුන. රාවණා 3 වෙනි කොටස රගපාන්න පටන් අරගෙන තියෙන්නෙ. ඒකත් බාගයක් ඉවරයි. ඉතිරි රූපගත කිරීම ආරම්භ වෙයි. මීට අමතරව නාඩගම්කාරයෝ රගපානව. වෙන කිසිම අළුත් දේකට අතගහල නෑ. අවුරුදු දෙකක් වෙනව රගපාන්න පටන් අරගෙන. නිදහසේ වැඩේ කරගෙන යනව. ලොකු කලබලයක් නෑ. මගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න කැමැත්තක් තියෙනව. 


මිනිස්සු අතරෙ මම ඉන්නෙ කුකුළ ෆැමිලි එක නිසානෙ. ඇත්තටම මට රගපාන්න තියෙන්නෙත් ඒ ගෙදර අයත් එක්කයි. මේ දවස් වල මගේ ජීවිතෙත් කුකුළ ෆැමිලි එකත් සමග බද්ධ වෙලා. ඇත්තටම මගේ කෑ ගැහිල්ල ගැන මටම කේන්තියක් එනව. සමහර වෙලාවට ජානු කෑ ගහන කොට අම්මා කියනව ඔය ටීවි එකේ සද්දෙ අඩු කරන්න කියල. ඒ තරමටම කෑ ගැහිල්ල ඇහෙනව. ජානුගේ කෑ ගැහිල්ල අපේ අම්මටත් ප්‍රශ්නයක් වෙලා. 

මුල් කාලෙනම් මටත් මේ විදියට කෑ ගහන්න අමාරු වුනා. හරියට සද්දෙ ආවෙත් නැහැ. දැන්නම් වැඩේ හොදට යනව. දවස් දෙකක් තුනක් යනකම් ඒ සද්දෙ මටත් අඩු කරගන්න බැරි වුනා. 



හිනා නොවී රගපාන එක තමා අමාරුම වැඩේ. සමහර වෙලාවට මටම මාව පාලනය කරගන්න අමාරුයි. හොදටම හින යනව. පුහුනුවීම් කරල කොහොමහරි මූඩ් එක හදා ගන්නව. 

අම්මට හරියන කෙනෙක් හමුවුණොත් විවාහ වෙන්න වෙයි. තවම මට එහෙම කෙනෙක් මුණගැහිල නැහැ. මටත් ඒ ගැන එහෙම ලොකු ගානක් නැහැ. සමහරුන්ගෙ හිතේ එක එක විදිහෙ අය ඉන්නවනෙ. මගේ එහෙම කෙනෙකුත් නැහැ. වෙලාව අපුවහම හැමදේම හරි යයි. 


(උපුටා ගැනීම පිනිපලස)




Comments

  1. Best live casino site 2021|How to make your own online
    online casino sites; How to find a good site; Best Live Casino Sites; The Best Live Casino Software · Get Started Online With A Real 카지노사이트luckclub Money Casino · Read

    ReplyDelete

Post a Comment

POPULAR ARTICLES

25 photos of beautiful actress Sanjana looking to marry a boy with a BMW

40 family photos of Sajitha Anthony and Buvi

20 photos of the beautiful young lady Tashiya Kalidasa who will be writing A / L in 2022