තායිපේ විලාසිතා දැක්මේ කිරුළ ශ්‍රී ලංකාවේ රුවන්තිට.- Ruwanthi Gajadeera: Winner of the First Prize of 2021 Taiwan Fashion Design Award
තායිපේ විලාසිතා දැක්මේ කිරුළ ශ්‍රී ලංකාවේ රුවන්තිට. ජාත්‍යන්තර තායිපේ විලාසිතා සතිය පසුගියදා තායිවානයේ සොන්ග්ෂාන් සංස්ක්ෘතික සහ නිර්මාණ උද්‍යානයේදී පැවැත්වුණි. මේ සදහා රටවල් 18ක් නියෝජනය කරමින් විලාසිතා නිර්මාණකරුවන් 450කට ආසන්න පිරිසක් සහභාගී විය. මෙම විලාසිතා සතියට සමගාමීව නවක විලාසිතා නිර්මාන ශිල්පීන් වෙනුවෙන් '2021 තායිවාන් විලාසිතා නිර්මාණ සම්මාන' උලෙලක්ද පැවැත්වුණි. මේ සදහා ලංකාව නියෝජනය කරමින් ත්ජරග කලේ විලාසිතා නිර්මාන ශිල්පනී රුවන්ති පවිත්‍රා ගජදීරය. 1987 වසරේ සිට වසර 35කට ආසන්න කාලයක් තිස්සේ තායිවානයේ පවත්වන මෙම විලාසිතා සම්මාන රාත්‍රියේ අරමුණ වන්නේ 'විලාසිතා ලෝකය' වෙත නවකයන්ව හදුන්වා දීමයි. එමෙන්ම, මෙම තරගාවලිය ජාත්‍යන්තර් මට්ටමේ තරගයක් ලෙස ලකඑලියට පැමිණෙන්නේ 2013 වසරේදීය. අද වන විට යුරෝපය, ඇමරිකාව, ඕස්ටේලියාව සහ ආසියාව වැනි රටවල විලාසිතා නිර්මානයේ ප්‍රමුකයන්ද මෙම විලාසිතා සම්මාන උලෙල දැක ගැනීම සදහා තායිවානයට පැමින සිටියහ. එසේ පැවැත්වූ ජාත්‍යන්තර 'තායිවාන් විලාසිතාඋලෙලේ ජයග්‍රාහී විලාසිතා නිර්මාන ශිල්පියා බවට පත්වූයේ ශ්‍රී ලංකාවේ රුවන්ති පවිත්‍රා ගජද...