තායිපේ විලාසිතා දැක්මේ කිරුළ ශ්‍රී ලංකාවේ රුවන්තිට.- Ruwanthi Gajadeera: Winner of the First Prize of 2021 Taiwan Fashion Design Award

 තායිපේ විලාසිතා දැක්මේ කිරුළ ශ්‍රී ලංකාවේ රුවන්තිට. 


ජාත්‍යන්තර තායිපේ විලාසිතා සතිය පසුගියදා තායිවානයේ සොන්ග්ෂාන් සංස්ක්ෘතික සහ නිර්මාණ උද්‍යානයේදී පැවැත්වුණි. මේ සදහා රටවල් 18ක් නියෝජනය කරමින් විලාසිතා නිර්මාණකරුවන් 450කට ආසන්න පිරිසක් සහභාගී විය. මෙම විලාසිතා සතියට සමගාමීව නවක විලාසිතා නිර්මාන ශිල්පීන් වෙනුවෙන් '2021 තායිවාන් විලාසිතා නිර්මාණ සම්මාන' උලෙලක්ද පැවැත්වුණි. මේ සදහා ලංකාව නියෝජනය කරමින් ත්ජරග කලේ විලාසිතා නිර්මාන ශිල්පනී රුවන්ති පවිත්‍රා ගජදීරය. 


1987 වසරේ සිට වසර 35කට ආසන්න කාලයක් තිස්සේ තායිවානයේ පවත්වන මෙම විලාසිතා සම්මාන රාත්‍රියේ අරමුණ වන්නේ 'විලාසිතා ලෝකය' වෙත නවකයන්ව හදුන්වා දීමයි. එමෙන්ම, මෙම තරගාවලිය ජාත්‍යන්තර් මට්ටමේ තරගයක් ලෙස ලකඑලියට පැමිණෙන්නේ 2013 වසරේදීය. අද වන විට යුරෝපය, ඇමරිකාව, ඕස්ටේලියාව සහ ආසියාව වැනි රටවල විලාසිතා නිර්මානයේ ප්‍රමුකයන්ද මෙම විලාසිතා සම්මාන උලෙල දැක ගැනීම සදහා තායිවානයට පැමින සිටියහ. 


එසේ පැවැත්වූ ජාත්‍යන්තර 'තායිවාන් විලාසිතාඋලෙලේ ජයග්‍රාහී විලාසිතා නිර්මාන ශිල්පියා බවට පත්වූයේ ශ්‍රී ලංකාවේ රුවන්ති පවිත්‍රා ගජදීරය. ඔවුන්ට ලබා දී තිබූ තේමාව වූයේ "තිරසර සංකල්ප හා එක්ව කටයුතු කරන නිර්මාණශීලීත්වය" යන්නයි. එහිදී, තරගකරුවන්, 450ක් සමග කරට කර තරග කරමින් ජයග්‍රහනය ලැබූ ප්‍රථම දකුණු ආසියාතිකයා වන්නේ රුවන්තිය. එපමණක් නොව, මෙම විලාසිතා නිර්මාණ උළෙල නියෝජනය කල පළමු ශ්‍රී ලාංකිකයා වීමේ භාග්‍යයත් රුවන්ති හිමි කරගත්තාය. මෙම සම්මාන උළෙලේ ජූරිය ලෙස එක්සත් රාජදානිය, ප්‍රංශය, ජපානය, හොංකොං සහ තායිවානය වැනි රටවල් නියෝජනය කරමින් ප්‍රසිද්ද විලාසිතා නිර්මාණශිල්පීන් පිරිසක් සහභාගී වී සිටිනු දක්නට ලැබුණි. රුවන්ති ගජදීර ගැන සදහන් කරන්නේ නම් ඇය කොළඹ කාන්තා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. පාසල් අද්‍යාපනය නිම කල ඇයගේ ඊළග අරමුණ වූයේ ලෝකයේ දක්ෂ විලාසිතා නිර්මාණ ශිල්පිනියක් වීමය. ඒ සදහා වැඩිදුර අද්‍යාපනය ලැබීම සදහා ඈ 'ඇකඩමි ඔෆ් ඩිසයින්' ආයතනය හා සම්බන්ද විය. මේ අතරතුර ලෝකයේ පැවැත්වෙන තර්ගකාරී විලාසිතා සම්මාන උලෙලක් වන තායිවාන විලාසිතා උලෙලටත් ඈ සහභාගී වීමට තීරනය කලාය. අවසානයේදී ලෝකයම පිළිගත් නව පරපුරේ නැගී එන විලාසිතා නිර්මාණශිල්පනියක් ලෙස කිරුළු පැලදීමට ඇයට අවස්තාව ලැබිණි.  


මෙම තරඟාවලියට ඈ ඉදිරිපත් කර තිබුනේ ලාංකික සංස්ක්ෘතියේ කැපී පෙනෙන විලාසිතවන්‍ය. එනම්, බීරලු මෝස්තරයන් ය. මෙහිදී ඇයගේ අදහස වී ඇත්තේ නවීන වූ තිරසාර රෙදිපිළි නිපදවීම සදහා ස්වභාවික සායම් යොදා ගනිමින් දේශීය දේ ලෝකයට හදුන්වා දීමටය. එහිදී, ලෝකයම පරිසර හානියකට අතවනමින් සිටින මොහොතක එයට හොදම පිළියම ස්වභාවික දෑ යොදා ගනිමින් කරන නිර්මාණ බව ඈ මෙම විලාසිතා උළෙලේදී ලෝකයටම පෙන්වා දුන්නාය. 


9 වැනි ජාත්‍යන්තර තායිපේ විලාසිතා සතියේ මූලික පරමාර්ථය වන්නේ ලොව පුරා නැගී එන විලාසිතා නිර්මාණ කරුවන්ට නව ලෝකය වෙත දොරටු විවර කිරීමටය. එමෙන්ම, ගත් වූ වසර 35ක කාලය තුළ තායිවාන රජය මගින් ලෝකයේ ඇති විලාසිතා නිර්මාණ පාසල් වල අද්‍යාපනය ලබන සිසු සිසුවියන් හා නැගී එන නිර්මාණ කරුවන්ට ඔවුන්ගේ නිර්මාණාත්මක බව විදහා දැක්වීමට සලසා දුන් හොදම වේදිකාවක් බව ප්‍රමුඛ රෙදිපිළි සන්නාමයක් වන රෙඩ් රෙස් හි නිර්මාත්ෘ ක්‍රිස්ටිනා ඩීන් පවසන්නීය. 


(උපුටා ගැනීම: පිනිපලස)



Comments

POPULAR ARTICLES

25 photos of beautiful actress Sanjana looking to marry a boy with a BMW

40 family photos of Sajitha Anthony and Buvi

20 photos of the beautiful young lady Tashiya Kalidasa who will be writing A / L in 2022