සිංගල් මාම් කියන දේ විකුනගෙන කෑවේ නැහැ. - නිල්මිණී තෙන්නකෝන්

 සිංගල් මාම් කියන දේ විකුනගෙන කෑවේ නැහැ. - නිල්මිණී තෙන්නකෝන්


නිල්මිනී තෙන්නකෝන් කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම පසුගිය කාලයේ තම දියනියත් සමග තනිවම ජීවිතයට මුහුන දී ජීවිතය ජයගත් ගැහැනියක්. ප්‍රවීනයන්ට නිර්මාන අඩු වුනත් තාමත් නිල්මිනීටනම් එහෙම නොවුනේ ඇය බොහෝ දෙනාගේ හදවතේ තැන්පත් වී සිටින නිසාය. 


මම නිර්මාන කිහිපයක්ම කරල තියෙනව. ඒ නිර්මාන පෙන්නගන්න බැරි ප්‍රශ්නයක් තියෙන්නෙ. දැන් චැනල් වලින්ම නිර්මාන කරන නිසා ඔවුන්ගෙම කලා ශිල්පීන් දාගෙන තමයි නිර්මාන කරන්නෙ. ඒ තත්ව‍යත් එක්ක ප්‍රවීන කලා කරුවන්ගේ ගොඩක් නිර්මාන පෙන්න ගන්න බැරුව තියෙනව. පහුගිය කාලෙ මම සිනමාව පැත්තටත් වැඩි කාලයක් වෙන් කලා. 


ලංකාව ඇතුලෙ කලාව රස්සාවක් හැටියට කරන්න බැහැ. ලංකාව ඇතුලෙ කලාව වෘත්තීය මට්ටමෙන් කරන්න පසුබිමක් හැදිල නැහැ. ඒ නිසා මම වෘත්තිය ලෙස ව්‍යාපාර කරගෙන යනව. දැන් අපේ කලාකරුවන්ට ලොකු අසාදාරන සිදු වෙනව. ඉස්සර අපි සම්බන්ද වුනු නිර්මාණ ළඟටවත් අද කෙරෙන ගොඩක් නිර්මාණ ගේන්න බැහැ. ගොඩක් නිර්මාණ ඉන්දියානුකරනය වෙලා. හොද නිර්මාන කිහිපයයි බිහි වෙන්නෙ. අද කාලෙ හතු පිපෙනව වගෙ නළු නිළියෝ බිහි වෙනව. සිංදු කියන අය රඟපානව. 


දැන් මගේ දුව වෛද්‍ය උපාධිය වෙනුවෙන් ඔන්ලයින් අධ්‍යාපන කටයුතු කරනව. මගේ දුව ගැන මට සතුටුයි. කොරෝනා තත්වය නිසා මම දුවත් එක්ක ගෙදරම තමයි බොහෝ වෙලාවට හිටියේ. ඇයට උගන්වන්න ඒ දේවල් වලට වියදම් කරන්න වගේම කලාකාරිනියක් ලෙස මගේ දේවල් ඉටු කරගන්න මම හම්බ කරන්න ඕන. ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනෙ. මම දුව වෙනුවෙන් එයාගෙ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් උපරිම දේ කරනව. කාට්වත් කරදරයක් නොකර මම දුවව හදනව. මගේ අම්මා මම දුව හදපු විදිහ ගැන මටත් වඩා ාඅඩම්බර වෙනව. මගේ තාත්ත නැති වුණේ අපි පොඩි කාලෙ. මගේ ාම්මා තනියම දරුවෝ තුන්දෙනෙක් හැදුව. ඇය නැවත විවාහ වුනේ නැහැ. ගැහැනු දරුවො තුන්දෙනෙක් හිටපු නිසා. මට මගේ මව ආදර්ශයක්. මගේ දියණියට ආදර්ශමත් මවක් වෙන්න මම උත්සහ කලා. මම මවක් ලෙස කල හැමදේම මගේ දරුවා මගේ ගෙදර බිත්ති හතර මගේ පවුලේ අය දැන ගත්තාම ඇති.


දුව විදේශගත වෙන්න හිටියෙ එයාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන්. නමුත් තවම යන්න බැරි වුනා තිබෙන තත්වයත් එක්ක. හැමදේම කාලයට බාර දීල ඉන්නව. කවදහරි දුව විදේශ ගත වෙයි. මම රංගනයට් බොහෝ සෙයින් ආදරෙයි. මට රඟපාන්නෙ නැතුව ඉන්න බෑ. මම විදේශගත් වුනත් ඒක ගිහින් එන්න යන ගමනක් වෙයි. කලාව දාල යන්න මට හිතක් නැහැ. 


මගේ අම්ම තනියම අපිව හදපු විදිහ මම පොඩි කාලෙ ඉඳන් දැක්ක. මට මම සිංගල් මාම් කියන දේ විකුනගෙන කන්න ඕන වුනේ නැහැ. අපිට පුළුවන් වැරදි දෙයක් නොකර දරුවෙක් වෙනුවෙන් හෝ අපි වෙනුවෙන් මුදල් හම්බ කරන්න. සමහර අම්මල දරුවෝ තියාගෙන හිඟමන් යද්දි මම ගිහින් ඒ අයට කතා කරල තියෙනවා. ඒ ගොඩක් අය අතේ ඉන්නේ තමන්ගේ දරුවෝ නෙමෙයි. ගැහැනියක් හරි ශක්තිමත්. ඇයට පුළුවන් දෑතේ රැකියාවක් කරන්න. අපි දරුවෙක් මේ ලෝකෙට බිහි කලානම් ඔවුන් වෙනුවෙන් වගකීම් ඉෂ්ට කරන්න ඕනෙ. අපේ රටේ තනිකඩ මව්වරු වගේම පියවරුත් ඉන්නව. මම ජනප්‍රිය චරිතයක් නිසා කෙනෙක් මගෙන් මගේ දරුවා ගැන ඇහුවොත් මට ඒ ගැන කියන්න වෙනව. හැබැයි අපි මවාපෑමක් කලොත් එතැන තමයි ප්‍රශ්නය තියෙන්නෙ. විවාහයකින් දික්කසාද වුණු කෙනෙක් නැවත විවාහ වෙන එකත් මම කිසිම ප්‍රශ්නයක් විදිහට දකින්නෙ නෑ. අවශ්‍ය වෙන්නේ බොරු මවාපෑම් නොකිරීම. 


මගේ රටේ මිනිස්සු මට හරි ආදරෙයි. කිසිම කෙනෙක් කවදාවත් මං ගැන වැරදි ඇහැකින් බැලුවේ නෑ. ඒක මට අභිමානයෙන් ජීවත්වෙන්න වටිනව. අපිඅට ජනප්‍රිය චරිත නිසා අපිට හිතු මනාපයට හැමදේම කරන්න බෑ. අපෙන් ආදර්ශයක් ගන්න බොහෝ අය බලන් ඉන්නව. මම හරි බයයි කාගෙන්වත් වචනයක් අහන්න. හැබැයි මාව කාටවත් වට්ටන්න බෑ. කවුරුහරි මොනවහරි මට කිව්වොත් මට ලැජ්ජයි. ඒ නිසා මම මගේ ජීවිතේ එහෙම නොවෙන්න ඉඩ හදාගන්න උත්සහ කලා. මගේ දුව වුනත් මට ගොඩක් ගරු කරනව. මමත් මගේ දුවට එහෙමයි. මම දුව පුංචි දෙයක් කලත් ඒකට ස්තූතිවන්ත වෙනව. අපි හැමදාම ජීවත්වෙන්නේ නෑ. ඉන්න කාලෙ අපි කාටවත් වෛර නොකර ඊර්ෂ්‍යා නොකර ජීවත් වෙන්න ඕන. කොරෝනා වුනත් අපිට ලොකු පාඩමක් කියල දුන්නා. මමත් මනුෂ්‍යයෙක්. අපේ වැරදි ඇති. මම හැමවෙලාවෙම වැරදි තියෙනවනම් හදාගෙන කාටහරි උදව්වක් කරගෙන ජීවත්වෙන්නයි උත්සහ කරන්නෙ. 


අපි කළුද සුදුද කියල දන්නෙවත් නැති සමහරු අපිව විවේචනය කරනව. මම කිසිම දෙයකින් සැලෙන්නේ නෑ. හරිම ආදර්ණීය ලස්සන හිත් තියෙන බොහෝ පිරිසක් මට ආදරය කරනව. බුදුන් වහන්සේට වගේම ජේසුස් ක්‍රිස්තූන්ටත් හතුරුකම් කල අය හිටියා. නමුත් හතුරුකම් කල අය පස්සේ පසු තැවුණා. 


(උපුටා ගැනීම: පිනිපලස)











Comments

POPULAR ARTICLES

25 photos of beautiful actress Sanjana looking to marry a boy with a BMW

40 family photos of Sajitha Anthony and Buvi

20 photos of the beautiful young lady Tashiya Kalidasa who will be writing A / L in 2022