ලොක්කි වුනු චූටි මැණිකේ - Shalini Fernando
ලොක්කි වුනු චූටි මැණිකේ - Shalini Fernando
දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක ආකර්ශනය දිනා ගත් චරිත අතර ලිහිණි එහෙම නැත්නම් චූටි මැණිකේ කියන්නේ වසර ගනනාවක් පුරාවට ප්‍රේක්ෂක ආදරය නොවෙනස්ව දිනාගත් ආදරනීය ලෙංගතු රංගන ශිල්පිනියක්. ඉතින් මේ දිනවල චූට්යි මැනිකේ පුංචි තිරයේ මුණ ගැහෙන නවතම ටෙලි සිත්තම "ලොක්කි" ඇයගේ රංගන ජීවිතයේ ඇයට ලැබුනු සුවිශේෂි අවස්ථාවක්. ආදරය, සෙනෙහස, සහෝදරත්වය සමග ජීවිතය දිනන්න වෙර දරන "ලොක්කි" ගැන කතා කරන්න ශලිනි ප්‍රනාන්දු අපිත් එක්ක එකතු වුණේ මෙලසිනි.
ඇත්තටම වසර හතරක් විතර කාලයක් චූටි මැනිකෙට නොවෙනස්ව ප්‍රේක්ශකයෝ ආදරය කලා. එදා චූටි මැනිකෙට ලැබුණු ආදරය, ප්‍රතිචාරය මෙච්චරයි කියල මට වචනයෙන් කියල නිම කරන්න බැහැ. විශාල ප්‍රේක්ශක ආදරයක් ලැබුණා. විශේෂයෙන් සමන් එදිරිමුණි අයියව ආදරයෙන් මතක් කරනව. මම ක්ෂේත්රයට එන්නේ සමන් අයිය අතින් ලියවුණු ලස්ස්වන ගැමි පරිසරයක සැදුනු ලිහිණි කියන චරිතය එක්ක. ඇත්තටම මේ දවස්වල නම් දෙවෙනි ඉනිමේ චූටි මැණිකෙට ප්‍රේක්ෂකයෝ ටිකක් බනිනව. චූටි මැණිකෙට එදා ලැබුනු ආදරේ දැන් ටිකක් අඩු වෙලා කියල හිතෙනව.
ඉස්සර ලිහිණි අනුහස් වෙනුවෙන් බලා සිටියා. ඇත්තටම ඒ ආදර කතාව මටත් තේරුම් ගන්න බැරි තැනක දැන් තියෙන්නෙ. දෙව්දෙනි ඉනිම පිටපත් රචක සමන් අයියා පසුගිය කාලේ කෙටි විවේකයක් ගත්ත නිසා පිටපත් ලියවුනේ වෙනත් කෙනෙකු අතින්. සමන් අයියා පිටපත් නොලියපු කාලේ ඇතුලත ලිහිනිගේ චරිතය හිතා ගන්න බැරි තරම් ලොකු වෙනසක් වුනා. ඇත්තටම සමන් අයියා පිටපත් නිර්මාණය කරපු ලිහිණිව ප්‍රේක්ෂකයෝ හරිම්න ආදරයෙන් වැලද ගත්තා. සමන් අයියා පිටපතේ ගෙනාපු ලිහිණිව තමයි ප්‍රේක්ෂ්කයෝ හොයන්නේ. ඒත් එදා ආදරයෙන් වැලද ගත්ත ලිහිණි නැද්දෝ කියලත් හිතෙනව. වෙනස් වෙලා ඉන්න ලිහිණිට ප්‍රේක්ෂකයෝ හරියට බනිනව. ඒකටනම් ගොඩක් දුකයි. දැන් ඉන්න ලිහිණි ගැන ඇත්තටම මට කියන්න තේරෙන්නෙ නෑ. බලමු ඉස්සරහට හැමදේම හොද විදිහට සිද්ද වේවි කියල හිතෙනව.
"ලොක්කි" කියන්නේ මම දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයෙන් පස්සේ ප්‍රදාන චරිතයක් රඟපාන දෙවෙනි අවස්ථාව. ලොක්කි ටෙලිනාට්‍යයට ආරාදනා ලැබෙන්නේ දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයට ආරාදනා ලැබුණු විදිහටමයි. දෙරනේ ලක්සිරි සර් තමයි මට ආරාදනා කළේ. ගොඩක් සතුටුයි ලක්සිරි සර් හරහා ටෙලිනාට්‍ය දෙකටම සම්බන්ද වෙන්න අවස්ථාව ලැබුණු එකට.
පිටපත අතට දෙනකොටම කිව්වා මේක ප්‍රදාන චරිතයක් කියල. ඇය වටා තමයි කතාව ගෙතෙන්නේ කියල. ඇත්තටම ලක්සිරි සර් න්මේ චරිතයට මාව තෝරගෙන ටෙලිනාට්‍ය පිටපත අතට දුන්නම මට ලොකු බයක් දැමුම. මේ චරිතය මට කරන්න පුළුවන් වෙයිද කියන බය මට ආව. මොකද මම අවුරුදු 4ක්ම ලිහිණි වෙලා ලොක්කිගෙනුත් ලිහිණි මතු වේවි කියල බය හිතුණා. විශේෂයෙන් මතක් කරන්න ඕන මෙහි අද්යක්ෂකවරයා හර්ෂ උඩකන්ද අයියා ලිහිණිව මතු නොවී ලොක්කිව මතු කරන්න මට විශාල සහයෝගයක් ලබා දුන්නා. හිතුවෙත් නැති විදිහට ලොක්කිට ප්‍රතිචාර ලැබෙන්න පටන් ගත්තේ ටෙලිනාට්‍ය පටන් ගන්නත් කලින් ඉඳල පූර්ව ප්රචාරක හරහා ලොක්කි මුණ ගැහෙන්න කොටස් 14 ක පොඩි කලයක් වුණත් ලොක්කි ඇතුළේ මට කරන්න ගොඩක් දේවල් තුබුණා.
"ලොක්කි" මට දැනුන විදිහ කොහොමද කියල කිව්වොත් "සමාදි" කියන චරිතය මට විශේෂයි. ඇත්තටම ලොක්කි කියන්නෙ මට මුණ ගැහුනු අභියෝගයක්. ලොක්කි කියන්නෙ වෙනස්ම චරිතයක්. මහා වගකීම් ගොඩක් මැද්දෙ හිර වෙලා ඉන්න තමන්ගෙ ආදරය ඇස් පනා පිටම සින්න වෙලා යනව බලා ඉන්න සිද්ද වන, අසරණකම් අභියෝග සියල්ලම දරාගෙන ලොක්කි ප්‍රේමයක් හිත තුලම රදවාගෙන පවුල වෙනුවෙන් දිවි ගමනේ දියුණුවේ මන් පෙතට ගමන් කරනවා. බොහෝ බාදක පැමිනෙනවා. ඒත් ලොක්කි ඒකට නොසැලෙන යෞවනියක්. බාදක කම්කොටලු මැද්දේ ජීවිතය දිනන්න කැමති ලොක්කිලා කොච්චර ඇතිද. ඒ හැම ලොක්කියෙක්ටම මේ ලොක්කි ටෙලිනාට්‍ය ජීවිතය දිනන්න ශක්තියක් වේවි කියල විශ්වාස කරනව. ඇත්තටම ලොක්කි කියන්නෙ මගේ ජීවිතයට තදින්ම දැනුනු චරිතයක්. මොකද ලොක්කි කියන චරිතය ඇතුලේ සංවේදී සිදුවීම් ගොඩක් තියෙනව. ඒ අතර මම ලොක්කි ඇතුලේ ජීවත් වන තැන් ගොඩක් තියෙනව.
ඇත්තටම සමහර දර්ශන මට කරගන්න බැහැ. ඇඬෙනව. මට පිය සෙනෙහස අහිමි වෙන්නෙ අවුරුදු 4 දී. තාත්තා නැති වෙනකොට මට ලොකු තේරුමක් නැතත් ඒ හිඩැස මට තදින්ම දැනිච්ච අවස්තා තියෙනව. ලොක්කි ටෙලිනාට්‍යයේ ඇස් වහගෙන තාත්තා ගැන සින්දුව කියද්දි මගේ ඇස් වල කදුළු පිරුණා. ඒ සින්දුව පුරාවටම මගේ තාත්තව ගොඩක් මතක් වුණා. ඒක හදවතට දරා ගන්න බැරි විදිහටම දැනුනා. ඉතින් මගේ දෙවන ඇරඹුම ලොක්කි. මේ ආකාරයෙන් ප්‍රේක්ෂකයන්ට ලබා දෙන්නට අද්‍යක්ෂ හර්ෂ උඩකන්ද මහතා ඇතුළු කැමරා කාචයේ පිටුපසින් සිට නොමද සහයක් ලබා දෙන කණ්ඩායමේ සියලුම දෙනාට මගේ ගෞරව ස්තූතිය පුද කරනවා. මේ කොටස් 14කින් අවසන් වුනත් ලොක්කි හැමදාමත් මගේ හදවතේ ජීවත් වේවි.
මට සිනමා නිර්මාන වලට ගොඩක් ආරාදනා ලැබෙනවා. ඒත් සමහර නිර්මානවලට කතා කරද්දි ාදින්න තියෙන ඇදුම් සම්බන්දයෙන් ඇතිවෙන ගැටළු නිසා මම ගොඩක් නිර්මාණ ප්‍රතික්ෂේප කරල තියෙනව. ම්මම කොට ඇදුම් වගේම ගොඩක් ඇඟ නිරාවරණය වෙන ඇදුම් අදින්න කැමති නැහැ. කොච්චර සල්ලි හම්බුණත්, කොච්චර ජනප්‍රියත්වය ලැබුණත් මගේ සීමාවෙන් එහාට අදින්න පලදින්න තියෙන නිර්මානවලට මම දායක වෙන්නේ නැහැ. ඒක මේ ක්ෂේත්රයට එනකොටම මම අරගෙන ආපු ප්‍රතිපත්තියක්. ඒ වගේ දේවල් නිසා ගොඩක් චිත්‍රපටි ප්‍රතික්ෂේප කරන්න වුනා. බලමු ඉස්සරහට හොද නිර්මානයක් ලැබුනොත් කරනව.
ඇත්තටම මේ වෙලාව ආදරය සම්බන්දයෙන් උත්තරයක් දෙන්න අමාරුයි. ආදරය ගැන කියනව ඉස්සරහට. හැබැයි දැන් ඒකට වෙලාව නෙවෙයි.
(උපුටා ගැනීම: 2021.10.10 දින පල වූ සඳැල්ල සඟරාවෙනි)
Comments
Post a Comment