හොදම Online සේවාවක් ලබාගන්නනම් මේ කරුණු දැනගන්න.

 හොදම Online සේවාවක් ලබාගන්නනම් මේ කරුණු දැනගන්න. 


නොහිතපු මොහොතක මුහුන දීමට සිදු වූ වසංගතය නිසා අපේත් රටේත් ආර්ථිකය විශාල කඩා වැටීමකට ලක් වී තිබේ. විශේෂයෙන් එය අපේ රටට තදින් බලපා තිබෙන අතරබොහෝ පිරිසකට තමන්ගේ රැකියා අවස්ථා පවා අහිමි වී තිබේ. ව්‍යාපාර කරගෙන ගිය සාමාන්‍ය පිරිසටද ඒවාට නිසි වටිනාකමක් ලබා ගැනීමට නොහැකි වීමන් නොසිතූ ආර්ථික අපහසුතා රැසකට මුහුණ දීමට සිදුව ඇත. කෙසේ වූවත් කඩා වැටුණු තැනින්ම යලිත් නැගිටිය යුතුය. ඒ නිසාම මේ කාලයේ වැඩි පිරිසක් තමන්ගේ වෙළදාම් කටයුතු පහසුවෙන්ම සිදු කරගැනීමට වැඩි වශයෙන් ඔන්ලයින් ක්‍රමය තෝරාගෙන ඇත. අපේ රටේ පමණක් නොව මේ වන විටත් ලෝකය පුරාම එය දැන් ඉතා ප්‍රසිද්ද වෙලද ජාලයක් බවට පත්ව ඇත. වසංගත කාලයේ එය සෑම කෙනෙකුටම ඉතා පහසු ගනුදෙනු කිරීමක් බවටද පත් විය. පවතින තත්වය වගේම පහසුව නිසා මේ තාක්ෂ්ණ්‍ය ඉදිරියේදී තව තවත් වැඩි දියුණු වන්වා මිස කිසිසේත් පහළ බැසීමක් නම් සිදු නොවේ. එහෙත් ඇතැම් විට ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ගනුදෙනු කිරීම වලදී පහසුව වගේම අපහසුතාවලට මුහුණ දීමට සිදුවන අවස්ථාද ඕනෑ තරම් තිබේ. ඒ නිසාම මේ ක්‍රමයෙන් ගනුදෙනු කිරීමේදී ඒ පිළිබඳ අවබෝදය ඉතාම වැදගත් වේ. 


අවශ්‍ය දේ නිවැරදිව තීරණය කරන්න


විශේෂයෙන් කාන්තාවෝ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ රෙදි පිළි, ආලේපන වර්ග සහ නොයෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වා ගනිති. වෙනදාට මෙන් හිතේ හැටියට සාප්පු සවාරි ගොස් තමන්ගේ දෑතින්ම අවශ්‍ය දේ පරීක්ෂා කර බලා ගැලපෙනම දේ තෝරා ගැනීමේ හැකියාවක් ඔන්ලයින් ක්‍රමය තුල නැති බැවින් තෝරා ගන්නා භාණ්ඩයේ ප්‍රමිතිය ගැන විශේෂ උනන්දුවක් දැක්විය යුතුය. 


රෙදි පිලි පමනක් නොව කෑම් බීම, විදුලි උපකරණ, පාවහන්, මුළුතැන්ගෙයි උපකරන ආදී සියළුම දේ දැන් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ නිවසටම ගෙන්වා ගැනීමෙ පහසුව තිබේ. ඇතැම් විට ඔබ දකින රූපයේ තිබෙන භාණඩයට වඩා ඔබ අතට පත් වන දේ සම්පූර්ණයෙන් වෙනස් විය හැකිය. උදාහරණ‍යක් ලෙස ඔබ දකින දේට වඩා ගෙන්වා ගත් පාවහන් යුගලේ ප්‍රමාණය නිවැරදි නොවන අවස්ථා තිබිය හැකිය. එහෙත් එවනි අවස්තාවලදී නැවත එය මාරු කරගැනීම ගැටලුකාරී විය හැකිය. ඒ නිසා ඔන්ලයින් ගෙන්වන ආයතනය හෝ සේවාව පිළිබද නිවැරදි තොඅරතුරු දැන සිටීම ඔබේ අයිතියක් වේ. 


නිවැරදි තොරතුරු ලබා ගන්න.


ඔන්ලයින් ක්‍රමයට නැවුම් පලතුරු, එළවළු ගෙන්වා ගැනීමේදී මෙන්ම ඉහත කී විලාසිතා වර්ග තෝරා ගැනීමේදී ඔවුන්ගේ අදාල පිටුවේ ඔබට අවශ්‍ය සියලු විස්තර තිබේදැයි පරීක්ෂා කර බලන්න. යම් භාන්ඩයක් ගෙන්වා ගෙන එය ඔබට නොගැලපෙනවානම් එය නැවත මාරු කිරීමේ පහසුව ඔවුන් විසින් ලබා දෙනවාද? නැද්ද? ඒ සදහා කොන්දේසි තිබේද? යන්න පිළිබද මිලදී ගැනීමට කලින් නිවැරදිව දැනගන්න. විශේෂයෙන් රෙදිපිළි නම් එහි මිල ගනන් වලට අනුව රෙදි වර්ගය, විලාසිතාව උසස් තත්වයේ තිබේ දැයි සොයා බලන්න. 


අදාල සේවාව තුළ ඇතුළත් කර ඇති තොරතුරු ප්‍රමාණවත් නොවේ නම් කෙලින්ම භාණ්ඩය මිලදී ගැනීමට යොමු නොවී අදාල දුරකථන අංක වලින් වැඩි විස්තර අසා දැනගැනීමෙන් අනතුරුව සේවාව ලබා ගැනීමටද අමතක නොකළ යුතුය. 


බොහෝ වෙලාවට මේ ගනුදෙනු කිරීම් වලදී  WhatsApp හරහා තොරතුරු හුවමාරු වීම වැඩි වශයෙන් සිදු වේ. මවැනි අවස්ථාවක් පාරිභෝගිකයකු වශයෙන් ඔබට වඩාත් වාසි වන්නේ කෙලින්ම ඇමතුමක් හරහා සම්බන්ද වනවාට වඩා කෙටි පණිවිඩ මාර්ගයෙන්ම තොරතුරු විමසීමට හැකිවීමයි. එයට හේතුව යම් ගැටළු කාරී අවස්ථාවක් පැන නැගුණු විටදී ලිඛිත සාක්ශියක් ලෙස එම කෙටි පණිවුඩ ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබෙන බැවිනි. 


ඔනලයින් ක්‍රමයට භාන්ඩ මිලදී ගැනීමේදී අවාසි මෙන්ම වැඩි වාසි සහගත බවක්ද තිබේ. විශේෂ‍යෙන් සෞඛ්‍ය ආරක්ෂිතව භාණ්ඩ ගෙන්වා ගැනීම කළ හැකි අතර එය තරුණ් පිරිසට වගේම පිටතට යා නොහැකි වැඩිහිටි, මහලු දෙගොල්ලටම වඩාත් පහසුම ක්‍රමයක් වී තිබේ. ඒ නිසාම රටේ පවතින වතාවරනය හමුවේ දැන් ඔන්ලයින් ක්‍රමයට ව්‍යාපාර කරන පිරිස එන්න එන්නම වැඩි වෙමින් පවතී. එහෙත් පාරි භෝගිකයෙකු වශයෙන් ඔබ අන්තර්ජාලය පුරා දකින ඕනෑම ජාලයක් හරහා භාණ්ඩ මිලදී ගැනීම නොකර ඔවුන්ගේ භාණ්ඩ වල ප්‍රමිතිය පිළිබද සොයා බලා මිලදී ගැනීම නුවණට හුරු වේ. විශේෂයෙන් මේ දිනවල විවිද ආලේපන වර්ග වූවද ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ගෙන්වන නිසා එහි ඇතුළත් නාමයන් පිළිබද නිවැරදි තොරතුරු දැනගෙන මිලදී ගැනීම වැදගත් වේ. 


ඒ වගේම ඔබ හිතුණු හිතුණු ආකාරයට මිලදී ගැනීම් කරනවාට වඩා ඇතැම් භාණ්ඩවල තත්වය සමගම වෙළදපළ වටිනාකමද දැනගැනීම වඩාත් වාසි දායක වේ. නැතිනම් ඔබ භාණ්ඩයේ වටිනාකමටත් වඩා මුදල් ගෙවන අවස්තාවලටද හසුවිය හැකිය. 


(උපුටා ගැනීම: 2021.10.11 වද්න දින පළ වූ සිරිකටහ් සඟරාවේ 7 වෙනි පිටුවෙනි)


Comments

POPULAR ARTICLES

25 photos of beautiful actress Sanjana looking to marry a boy with a BMW

40 family photos of Sajitha Anthony and Buvi

20 photos of the beautiful young lady Tashiya Kalidasa who will be writing A / L in 2022