ඒ කරාටේ දන්න කෙල්ල විදිහට මාව තේරේවි කියල මම හීනෙන්වත් හිතුවෙ නෑ - ඩිලුෂි හංසිකා
ඒ කරාටේ දන්න කෙල්ල විදිහට මාව තේරේවි කියල මම හීනෙන්වත් හිතුවෙ නෑ - ඩිලුෂි හංසිකා
කාලෙන් කාලෙට රංගන ක්ෂේත්රයට එකතු වන තරු අතර මේ දිනවල ටීවී දෙරණ ඔස්සේ විකාශනය වන දරණි ටෙලිනාට්‍යයේ විනුලිගේ චරිතයට පණ පොවන ඩිලුෂි හංසිකා දක්ෂ, නවක රංගන ශිල්පිනියක් ලෙස හඳුන්වන්නට පුළුවන්.
2020 Derana අවුරුදු කුමරිය තර්ගාවලියේ තෙවැනි ස්තානය හිම්,ඉ කරග්නිමින් රංගන ක්ෂේත්රයට පැමිණෙන ඇයගේ කුළුදුල් රංගනය 'විනුලිගේ' චරිතයයි. ඇය ඉගෙනුම ලැබුවේ දෙහිවල ශුද්ද වූ පවුලේ කන්‍යාරාමයේය. ඇගේ පවුලේ ඉන්නේ අම්මයි, අප්පච්චියි, මල්ලිල දෙන්නයි, ඇයයි. මේ වන විට මම කැලණිය විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර අද්‍යනය පිළිබඳ විශේෂවේදී උපාදියේ අවසන් වසරේ ඉගෙනුම ලබනවා. ඊට අමතරව ජර්මන් භාෂාව හදාරනවා.
කොහොමද ඩිලුෂිගේ කුළුඳුල් රංගනයට ලැබෙන ප්‍රතිචාර?
හිතාගන්න බැරි තරම් ප්‍රතිචාර ලැබෙනවා. විනුලි කියන්නේ සාමාන්‍ය ගැහැනු ළමයෙකුගේ චරිතයට වඩා වෙනස් චරිතයක් නිසා ප්‍රේක්ෂකයින් බලන්නේ ලොකු කුතුහලයකින්. ඒ ලැබෙන ආදරයට, ප්‍රතිචාරවලට මම ගොඩක් ආදරෙයි. ඇත්තටම මේ හැමදේම මට ලැබෙන්නේ අවුරුදු කුමරිය වූ නිසයි.
පාසල් කලෙදිවත් රංගනයට ආසාවක් ඇතිවෙලා නැද්ද?
නිළියක් වෙන්න ආසාවක්නම් තිබිලම නෑ. හැබැයි පාසල් වේදිකාවේ නිර්මාණවලට දායක වෙලා තිබුණා. ඒ හුරුව නිසාද මන්දා කැමරාව ඉස්සරහ මට සබකෝලයක් දැනුනේම නැහැ. පාසල් කාලයේ නර්තනය, ගායනය, නිවේදනය, රංගනය මේ සියල්ලටම දක්ෂතා තිබුනා. මට යම් කලා හැකියාවක් තියෙනවානම් පාසල තමයි එහි මුදුන් මුල වෙන්නේ. අදටත් මගේ කලා ජීවිතේට පාසලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා.
කොහොමද ඔබට විනුලිගේ චරිතයට පන පොවන්න අවස්තාව ලැබෙන්නේ?
ටෙලිනාට්‍ය තිර පරීක්ෂණයටත් කලින් දවසක් දෙරණට ගිය වෙලාවේ ලක්සිරි සර් 'කරාටේ දන්න කෙල්ලො දෙන්නෙක් හොයනවා. අපි වැඩකට කියල හිනා වුණා.' මම හීනෙන්වත් හිතුවෙ නැහැ ඒ කරාටේ දන්න කෙල්ල විදිහට මාව තේරේවි කියල.
ඩිලූෂි මීට පෙර කරාටේ ක්‍රීඩාව ප්‍රගුණ කරල තියෙනවද?
අනේ නැහැ. මම මීට කලින් කිසිම සටන් ක්‍රීඩාවක් ප්‍රගුණ කරලා තිබුණේ නැහැ. මේ ටෙලි නාට්‍යයේ දී තමයි මුලින්ම කරාටේ පුහුණු වුණේ. තිර පරීක්ෂණයෙන් මා විනුලි කියන චරිතයට තේරුණාම සතුටු හිතුණා වගේම කරාටේ කරන්න ඕනෑ කිව්වාම හිතේ පොඩි ගැස්මකුත් ඇති වුණා. ඕසඳ සමන් බන්ඩාර මාස්ටර් ආදරෙන් මතක් කරනව. ඔහු තමයි අපේ සටන් පුහුණුකරු. ටෙලිනාට්‍ය පටන් ගන්න කලින් අපි මාස දෙකක් විතර සටන් කලාවේ මූලික දේවල් පුරුදු පුහුණු වුනා. විශේෂයෙන් වෙනත් ටෙලිනාට්‍ය වලට වඩා මේ නාට්‍යයේ ගැහැනු ළමයි අතර සටන් ජවනිකා යනවා ගොඩක් වෙනස් ප්‍රතිචාර ලැබුණා.
සටන් ජවනිකා අතරතුර අනතුරු වලට මුහුණ දෙන්න සිදු වුනු අවස්ථා නැද්ද?
අපෝ ඕනෑ තරම් තියෙනව. ඇඟේ තුවාල කැළැල්වලින් අඩුවක් නැහැ. පුහුණු වීම කරද්දි දරුණුවට පහරවල් එල්ල වුනු අවස්ථා තියෙනවා. කකුලට සහ කොන්දට ප්‍රතිකාර ගන්න වුනු අවස්ථාත් තියෙනවා. ඒ අභියෝග වල මම හරි කැමතියි. ගෑනු ළමයෙක් වුනාට ඕන දේකට ඔරොත්තු දෙන්න පුළුවන් විදිහේ ආත්ම ශක්තියක් තිබිය යුතුයි.
ගෙදරදිත් ඩිලුෂි චන්ඩියෙක්ද?
ඇත්තටම සැබෑ ජීවිතෙත් මම ටිකක් චන්ඩි චරිතයක්. විනුලි වගේම මමත් අසාදාරනය වෙනුවෙන් කතා කරන්න කොයි වෙලාවකවත් පස්සට යන්නේ නැහැ. හැබැයි ඉතින් විනුලි තරම්ම මම සැර නැහැ. ගහන්න යන්නෙත් නැහැ. හැබැයි මම කටින් චන්ඩියා.
ඉතින් මොනවද ඩිලුෂිගෙ ඉතිරි බලාපොරොත්තු?
දැනට මූලිකම බලාපොරොත්තුව මගේ උපාදි කටයුතු අවසන් කිරීම. ඊට පස්සේ පශ්චාත් උපාදියට විදේශගත වෙන්න බලාපොරොත්තුවක් තියෙනව. දිගටම රඟපාන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. මම ඉගෙන ගත්ත පැත්තෙන් රැකියාවක නිරත වෙන්න තමයි කැමති. ඒ අතරතුර හොද නිර්මානයක් ලැබුණොත් දායක වෙනව.
ඩිලුෂි ලස්සන ගැන විශේෂයෙන් හිතන කෙනෙක්ද?
ලස්සනට වඩා මම නිරෝගීකම ගැන හිතන කෙනෙක්. නිරෝගීනම් කොහොමත් සම ලස්සන වෙනව. මම මේකප් භාවිතා කරන්නෙම නැති කෙනෙක්. මම කවදාවත් ඇඟ හදාගන්න කියල ජිම් ගිහින් නෑ.
ඔබේ ගමනට උදව් කරපු පිරිසත් මතක් කරමු?
විශේෂයෙන් මගේ මව්පියන් මගේ ගමනට් ලොකු සහයෝගයක් දෙනව. ඒ වගේම දෙරණ නාලිකාවේ ලක්සිරි වික්ක්‍රමගේ සර්, චරිත් කොතලාවල සර්, දරණි ටෙලි නාට්‍ය අද්යක්ෂකවරයා, පිටපත් රචක නිදුක් මදුෂික අයියා ඇතුළු කණ්ඩායමේ සියළුම දෙනාවත්, මාව ශක්තිමත් කරන මට සහයෝගය ලබා දෙන සියලුම දෙනාවත් ආදරයෙන් සිහිපත් කරනව.
(උපුටා ගැනීම: 2021.10.11 වන දින පළ වූ සිරිකත සඟරාවේ 16 වෙනි පිටුවෙනි
Photos: Instagram)
Comments
Post a Comment