කවදාවත් පරණ නොවන විලාසිතා 5 ක්.
කවදාවත් පරණ නොවන විලාසිතා 5 ක්.
මේ දිනවල සාප්පු සවාරි එතරම් සිදු නොවන බැවින් පහසුවෙන් කළ හැකි විලාසිතා ගැන දැන ගැනීමට සෑම දෙනාම උනන්දු වෙති. 21 වන සියවසේදී පැරණි තාලයේ පද රචනා, නාට්‍ය හා චිත්‍රපට නිෂ්පාදනය නැවත මතුවෙමින් පවතින අතර අතීතයේ පැවති ජනප්‍රිය විලාසිතාව අද සමාජයේ නව ප්‍රවණතාවක් ලෙස සැලකේ. පරම්පරා ගණනාවක් මෙන්ම කාලයත් සමඟ බොහෝ දේ වෙනස් වී ඇතත්, පසුගිය දශක කිහිපය තුළ භාවිතා කළ බොහෝ විලාසිතා නැවත භාවිතා කර ඇත. එහි තිබුනේ සුළු වෙනස්කම් පමණි. මේ දිනවල පරණ නමුත් නැවත භාවිතා කළ හැකි විලාසිතා මොනවාද?
01:
ස්ක්‍රන්චි (Scrunchies)
විලාසිතා ලෝකය තුළ ඇඳුම් ආයිත්තම් වගේම හිසකෙස් විලාසිතා සඳහා භාවිතා කළ ආයිත්තම් වලට හිමි වන්නෙ සුවිශේෂී තැනක්. අලුත් වූවත් පැරණි වූවත් මෙම විලාසිතා නම් වයුවතියන් අතරින් ගිලිහී යන්නේ නැහැ. තිරසාර විලාසිතා වලට වැඩි නැඹුරුවක් දක්වන මේ කාලයේදී ඉවතලන රෙදි කැබලි වලින් සකසා ගත් ස්ක්‍රන්චි බෑන්ඩ් හෙඩ් බෑන්ඩ් එකක් පහසුවෙන්ම නිර්මාණ්‍ය කරගන්න පුළුවන්. මෙවැනි බෑන්ඩ් එකක් ඔබේ ඇදුමේම ඉවත යන රෙදි කොටසකින්ද සකස් කරගෙන ඇදුමට ගැළපෙන සේ කොණ්ඩා විලාසිතාවට එකතුකරගත හැකිය.
02:
මම් ජීන්ස් (Mom Jeans)
දැන් අලුතින්ම එන ඩෙනිම් විලාසිතාවල ඉන සැකසුම ඔබේ ඉණේ ප්‍රමාණයටම තිබුනත්, ඔබට මතක නම් මේ පැරණි ඩෙනිම් කලිසමේ ඇත්තේ ඉහලටම යෙදූ ඉනක්. ලිහිල් ස්වභාවය සහ වළලුකර ආසන්නයේදී තරමක් තද වන ලෙස නිම කරන ලද මෙම ජීන්ස් විලාසිතාව 90 දශකයේදී ඉතාමත් ජනප්‍රිය වුනා. වර්තමානයේ යුවතියන් අතරත් ඇඟටම තද වූ ජීන්ස් විලාසිතා වෙනුවට මෙවැනි වර්ගයේ කලිසම් අඳිනු දැකිය හැකියි. කැපී පෙනෙන ආකාරයේ බෙල්ට් එකක් සහ බූට්ස් ආකරයේ පාවහන් සමඟ මේ විලාසිතාව තවත් ආකර්ශනීය කර ගත හැකියි.
03:
කොඩ්‍රෝයි විලාසිතා (Corduroy)
අතීතයේදී වඩාත් ජනප්‍රියත්වයට පත් වූ මෙම රෙදි වර්ගය ප්‍රදාන වශයෙන් කුඩා ළමුන්ගේ ඇදුම් සඳහා භාවිතා කෙරුණු අතර වර්තමානයේ යුවතියන් අතර ජනප්‍රිය, පිනෆෝ ආකාරයේ ගවුම් විලාසිතාවලටත්, ජම්ප් සූට් සදහා මෙන්ම ජැකට් විලාසිතා සඳහාත් මේ විලාසිතාව යොදා ගනියි. නැවතත් වැඩිපුරම දකින්නට ලැබෙන මේ විලාසිතාව, මීට අමතරව අත් බෑග් සහ විශාල ප්‍රමානයේ බෑග් සඳහාද මෙම රෙදි වර්ගය විලාසිතාවක් ලෙස බහුලව භාවිතා කරයි.
04:
චන්කි ස්නීකර් (Chunky Sneakers)
මෙම විලාසිතාව කිසිවෙකුත් නැවතත් කරළියට පැමිණෙතැයි නොසිතූ විලාසිතාවක්. අසූව දශකයේ වඩාත් ජනප්‍රියත්වයට පත්ව තිබූ මෙම සපත්තු විලාසිතාව නැවතත් බොහෝ නිර්මාණකරුවන්ගේ අවදානයට පත්ව තිබෙන්වා. ගුසී සහ බැලන්සියාගා වැනි බොහෝ ප්‍රසිද්දියට පත් විලාසිතා සන්නාම මෙම විලාසිතාව නව ප්‍රවණතාවයක් ලෙසද දැන් භාවිතයට ගනී.
05:
සිල්ක් ස්කාෆ් (Silk Scarf)
මෑත කාලයෙදී අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ මෙම ස්කාෆ් විලාසිතා වර්තමානයේදීත් නව විලාසිතා මවනවා. අද ලෝකයේ යුවතියන්ගේ නිර්මාණශීලත්වයත් උපයෝගී කරගනිමින් හිසකෙස් සැරසීමට මෙන්ම අත් බෑග් වල අලංකාරය සදහාද මෙම ස්කාෆ් විලාසිතා භාවිතා කරනව. කාර්‍යාලයට රැගෙන යන අත් බෑගයට මෙවැනි ස්කාෆ් විලාසිතාවක් යොදා ගත හැකියි. ඒ වගේම ඩෙනිම් ටී ෂර්ට් වැනි විලාසිතාවලට පවා අලංකාරවත් ලෙස ගෙල වටා පැලදීමටද මෙම විලාසිතාව යොදා ගන්නවා.
Comments
Post a Comment