චොකලට් කුකීස් - FOOD RECIPE
චොකලට් කුකීස්
අවශ්‍ය ද්‍රව්‍ය
කාමර උෂ්ණත්වයේ තබාගත් බටර් 250g
සීනි 110g
මිල්ක්මේඩ් පොඩි කෑන් එකෙන් 1/2ක්
පිටි 375g
බේකින් පව්ඩර් තේ හැඳි 1
චොප් කරගත් කුකින් චොකලට් 100g
අවශ්‍ය නම් වියලි මිදි ටිකක්
බටර් සහ සීනි ක්‍රීම් එකක් වනතුරු හොඳින් බීට් කරගන්න. එයට මිල්ක්මේඩ්, පිටි සහ චොකලට් එක් කර පැතලි හැන්දකින් මිශ්‍ර කරගන්න.
අනාගත් ඩෝ එකෙන් තේ හැන්දක ප්‍රමාණයන් ගෙන බෝල සාදාගෙන ඔයිල් පේපර් තුනක් ලයින් කරගත් ට්‍රේ එකක තබා පැතලි කරගන්න. සෙල්සියස් 180 ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 8-10ක් හෝ රන්වන් පාට වනතුරු බේක් කරගන්න.
උපුටා ගැනීම life .lk
Source: https://m.facebook.com/story.php?story_fbid=255908629611299&id=100317691837061&sfnsn=mo
Comments
Post a Comment