කොෆි ෆජ් හඳමු

 



කොෆි ෆජ්


අවශ්‍ය ද්‍රව්‍ය


 බටර් තේ හැඳි 1ක් සහ වෙනම මේස හැඳි 2ක්

වයිට් චොකලට් හෝ මිල්ක් චොකලට් 680g

මිල්ක්මේඩ් කප් 1

ටෝස්ට්/රෝස්ට් කරගත් කජු කප් 1/2

කිරි නොදා තරමක් උකුවට සාදාගත් ක්ෂණික කෝපි කප් 1/3

 

අඟල් 9×9 තැටියකට ෆොයිල් පේපර් එකක් දාගෙන, ඒකට බටර් තේ හැන්දක් දාල හොඳින් ආලේප කරගෙන පැත්තකින් තියාගන්න.

සාස්පානක් ලිප තබා ඒකට චොකලට්, මිල්ක්මේඩ් සහ බටර් මේස හැඳි 2 එක් කරගෙන අඩුම ගින්දරේ හැඳිගාමින් චොකලට් ටික මෙල්ට් කරගන්න. ලිපෙන් ඉවත් කර කෝපි සහ කජු එක් කරගන්න.

කලින් සූදානම් කළ ට්‍රේ එකට දමා නිවෙන්නට හැර, පැය දෙකක් හෝ රැයක් ශීතකරණයේ තබා කෑලි කපාගන්න.

Comments

POPULAR ARTICLES

25 photos of beautiful actress Sanjana looking to marry a boy with a BMW

40 family photos of Sajitha Anthony and Buvi

20 photos of the beautiful young lady Tashiya Kalidasa who will be writing A / L in 2022