ඔබ ඔබේ බිරිඳට දීලා තියන වටිනාම දේ මොනවද ?
මම එයාට මගේ සෙනෙහස දීලා තියනවා. ඊට පස්සෙ, ලෝකෙ රටවල් 16 ට විතර ඇයව එක්කන් ගිහින් තියනවා. හෙළිකොප්ටර් එක ඇරෙන්න මුහුදෙන්, අහස උඩින් යන හැම වාහනයකම ඇයව එක්කන් ගිහින් තියනවා. ගිය අවුරුද්දේ ලෝකේ කිසිම කෙනෙක් නොකරපු තරමේ දෙයක් මම ඇය වෙනුවෙන් කළා. සිංහරාජ අඩවියේ පන්නිල කියන ගමේ ලංකාවේ ලොකුම සැතපෙන පිළිමය ඇය වෙනුවෙන් නෙළුවා ..සහජාන් ටජ්මහල හැදුවේ මහජනතාවගේ සල්ලිවලින් , මම මගේ බිරිඳ වෙනුවෙන් මේ පිළිමය හැදුවේ මමම දුක් මහන්සියෙන් හම්බකරපු සල්ලි වලින්.
මගේ බිරිඳ මාව ආරක්ෂා කරගෙන මට සහය වුනේ නැත්තම් කෙසේවත් මට මේ තත්වෙට එන්න බැහැ. ඉතින් ඒ නිසා මට දෙන්න පුළුවන් හැමදේම මම එයාට දෙනවා. මම ඒ කෘතගුණ හැමදාම සළකනවා ...❤
පසුගිය දා මාද්යකදි මේ කථාව කිව්වේ, සුළු සේවකයෙක් විදිහට ජීවිතේ පටන් අරගෙන , මේ වෙනකොට ලංකාවේ රස ලෝකෙටම පෙන්නපු මේ සරළ මිනිසා මහා ලොකු පොතේ උගතෙක් නොවුනට ජීවිත විශ්ව විද්‍යාලයේ ගෞරවනීය උපාධිධාරියෙක් ..ඒ තමයි ප්‍රවීණ සුපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතා ..
👇 ...............................
ජීවිතේ දෙවැනි උපත විවාහය කියලයි කියන්නෙ. ඒකෙ තේරුම ජීවිතේ අලුතෙන්ම පටන් ගැනීම කියන එකම තමයි. එතකන් අම්මා කරපු රාජකාරි ටික ඊට පස්සේ වෙන්නේ බිරිඳ අතින්. කන්න උයලා දීලා, ලෙඩට දුකට බලලා, දරුවෝ බිහිකරලා, අඩියෙන් අඩිය ජීවිතේ ඉහළට නගින්න ඉනිමං තියන්නෙ ඒ බිරිඳ..
පබිලිස් සිල්වා මහතාට මේ දේ මතක තිබ්බට සමහර වෙලාවට, සමහර පිරිමි අයට මේවා මතක නැහැ. කෝටියක් ඇදුනට පස්සේ හූරන්න උදව් උන රුපියල විසිකරලා දානවා වගේ සත ගණන් වලින් ජීවිතේ ඇහිඳපු මිනිස්සු මොණර කොළ වලට මාරු වෙනකොට ඉස්සල්ලාම අමතක වෙන්නෙ ළඟම හිටපු ආදරණීය බිරිඳව..
ඇමරිකාවේ හිටපු ජනපති බැරක් ඔබාමා , ප්‍රංශ ජනපති ඉමානුවෙල් මැක්රෝන් , ඉන්දියාවේ ශාරුක් ඛාන් , වගේම අපේ සදා අමරණීය WD අමරදේව ශුරීන් ,වැනි ලෝකය දිනපු බොහෝ පිරිමි ඒ මැජික් එක කලේ තමන්ගේ බිරිඳ කියලා ඉතා නිහතමානීව පවසනවා. ගෑණු කියන්නෙ හරි අමුතුම මැජික් එකක්. ඒ මැජික් එකේ ප්‍රතිඵල තීරණය වෙන්නෙ පිරිමින්ගෙ දායකත්වය, ආදරය, අවධානය, වටිනාකම දෙන තරම අනුවයි..
ආදරය ,ගෞරවය, ආරක්ෂාව නියමිත ප්‍රමාණයට, ප්‍රමිතියට දීලා, වගකීම් බෙදාගෙන ටිකක් වැඩිපුර සවන්දුන්නා නම් ඒ හොඳටම ඇති. එතකොට ඔබේ සිහින, අරමුණු, වලට ඔයා හිතනවට වඩා ලේසියෙන් යන පාර බිරිඳ එළි පෙහෙළි කරලා දෙනවාමයි.
ආදරය , කරුණාව ,සහ අනිත් දේවල් දෙන්න ඕනෙ මාත්‍රාව නොදී , සාර්ථක ප්‍රථිපල විතරක් බලාපොරොත්තු වුනාට වැඩක් නැහැ.. එතකොට වෙන්නේ අතුරු ප්‍රතිඵල වැඩි වෙන එක විතරයි ..
පබිලිස් සිල්වා මහතා වගේ ප්‍රසිද්ධ මාධ්‍ය වල නොකිව්වට කමක් නැහැ නිකමට තමන්ගේ හිතෙන් අහලා බලන්න. තාමත් අවිවාහක නම් ඔබේ, අම්මා තාත්තා වෙනුවෙන් කරන කැපවීම බලන්න. අම්මලා නැති වුන දවසට තාත්තලා මොන තරම් අසරණ වෙයිද කියලා හිතන්න.
සිදුහත් කුමාරයා බුදු බව ලබලා මුලින්ම හොයාගෙන ඇවිත් දුකෙන් මිදෙව්වේ හිටපු බිරිඳ යශෝදරාව.. මොකද බුදුන් වහන්සේ පවා පිළිගත්තා මේ තරම් ඉක්මනට තමන්ගෙ අරමුණට යන්න ලැබුණේ ඇය නිසා බව ...
දහිරියවන්ත ගැහැණියකගේ හයිය තියනවනම් පිරිමියෙකුට යන්න පුළුවන් දුර සීමාවක් නැහැ ..
ඔබ ඔබේ සැමියාගේ ගමනට හයියක් ශක්තියක් වෙන ආදරණීය ගැහැණියක්ද..
ඔබටත් ඒ වගේ ආදරණීය බිරිඳක් ඉන්නවනම් ප්‍රමාද නොවී ලෝභ නැතුව ඒ ගෞරවය ඇයට ලබාදෙන්න. මොකද හැමෝටම එවන් ගැහැණු ලැබෙන්නේ නෑ.. ❤
අනීශා ජයකොඩි මහත්මියගේ ලිපියකි. එය මම මගේ විදියට (සැර ටිකක් බාල කර, කෙටියෙන්) සංශෝධනය කර ලිව්වෙමි.
මායාවී - mayavi
Source: https://www.facebook.com/groups/2293887784252047/permalink/2567443990229757/
Comments
Post a Comment