සැබෑ ජීවිතයේ මම බොහොම නිහඩ චරිතයක් - මධුෂානි පෙරේරා කුකුළ මුදලාලිගෙ දුව කිව්වහම තමයි මධුෂානි පෙරේරව බොහෝ දෙනෙක් හදුනන්නේ. ඇය කියන හැටියට නම් ඇයව දැන් කුකුළ ෆැමිලි එකට සින්න වෙලා වගේලු. මේ නිසාම ලැබෙන ප්‍රතිචාර ගැන දැනගන්න අපි මදූෂානිට කතා කළා. මේ දවස්වල නම් ගොඩක් ඉහළ ප්‍රතිචාර ලැබෙනව. පාරට බැහැල යන්නෙත් අමාරුවෙන්. වයස් භේදයක් නැතිව හැමදෙනා අතරෙම ජානුගේ චරිතය කතා බහ වෙනව. සමහරුනම් බනිනව. කේන්නති යන්නෙ මගෙ කෑගැහිල්ලටලු. යාළුවො එක්ක සෙට් වෙලා ඉද්දි නම් කුකුළු බබා කියනව. කුකුළු කෑල්ල කියනව. මුල් දවස් වල නම් එහෙම කියනකොට පොඩි අපහසුතාවයක් දැනුන. කේන්තියකුත් ආවා. දැන්නම් ගානක් නැහැ. ඒ දේවල් වලට පුරුදු වෙලා. රාවණා ටෙලි නාට්‍යයේ රඟපෑම නිසා තමයි මේ අවස්තාව ලැබුණේ. රාවණා නාට්‍යයේ චරිතය රගපානව දැකල තමයි නාඩගම්කරයෝ එකේ ස්ක්‍රීන් ටෙස්ට් එකට එන්න කිව්වෙ. රූපගත් කිරීම් පටන් ගන්න දවස් දෙකකට කලින් තම්යි මට මේ අවස්තාව ලැබෙන්නේ. මුලින්ම ලැබුනේ ගැමි චරිතයක්. ඊට පස්සේ කිව්වා තවත් චරිතයක් තියෙනව කරල බලමුද කියල. මමත් මුලදි අදිමදි කරල තමයි භාර ගත්තේ. දැන්නම් ප්‍රශ්නයක් නෑ. චර...